ජූලි මාසය වන විට බස් ගාස්තුවේ අසීමිත වැඩිවීමක් – ගැමුණු විජේරත්න

මෙම වසරේ ජූලි මාසය වන විට බස් ගාස්තුවේ අසීමිත වැඩිවීමක් සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

බස් රථ මිල ඉහළ යාම, අනෙකුත් පිරිවැය ඉහළ යාම වැනි හේතුමත මෙලෙස බස් ගාස්තුවේ වැඩිවීමක් සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

සෑම වසරකම ජූලි මාසයේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන අතර, මෙම වසරේ දී සිදුකරන බස් ගාස්තු සංශෝධනයේ දී ඉහත පිරිවැයන් ගණනය කිරීමත් සමඟ අනිවාර්යයෙන් බස් ගාස්තුවේ වැඩිවීමක් සිදුවනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නව වසරේ ආරම්භයේ දී ඉන්ධන මිල අඩු කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණා නම් බස් ගාස්තු සංශෝධයක් සිදුකිරීමට ඉඩ තිබූ බවයි ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57