ලොව දිගම උමගේ ඉදිකිරීම් සම්පූර්ණයි

ලොව දිගම අධිවේග මාර්ග උමගේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට චීනය සමත්ව තිබෙනවා.

මේ සමඟින් චීනයේ ශින් චියං උයිගුර් ස්වයාත්තයේ උතුරු හා දකුණු ප්‍රදේශ අතර නව සම්බන්ධයක් විවෘත වනු ඇති.

ටියැන් ෂන් ෂෙං ලි උමග කිලෝමීටර 22.13ක දිගකින් යුක්ත වන අතර, එමගින් ටියැන් ෂන් කඳුකරයේ මධ්‍යම කොටස හරහා ගමන් කිරීම පැය කිහිපයක සිට විනාඩි 20ක් දක්වා අඩු කෙරෙනවා.

උරුමුචි – යුලි අධිවේග මාර්ගයේ ප්‍රධාන ව්‍යාපෘතියක්‍ ලෙසට එය සැලකෙනවා.

ලබන වසරේ දී මෙම අධිවේග මාර්ග‍යේ ඉදි කිරීම් සම්පූර්ණ කර රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමට නියමිතයි.

ප්‍රදේශ දෙක අතර ගමනාගමනය පැය 07ක පමණ කාලයක සිට පැය තුනක පමණ කාලයක් දක්වා ඉන් අඩු වනු ඇති.

මෙම උමගේ ඉදි කිරීම් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කෙරුණා.

අධික සීතල, ඉහළ උන්නතාංශය, උස් බිම් ආතතිය, දැඩි භූගර්භ ක්‍රියාකාරීත්වය, දැඩි පාරිසරික ආරක්ෂණ අවශ්‍යතා වැනි අභියෝග රැසක් මධ්‍යයේ එහි ඉදිකිරීම් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
11
+1
7
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00