බලයෙන් පහකළ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අනුමැතිය

දෝෂාභියෝගයකින් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණයක් අනුමත කර තිබෙනවා.

දකුණු කොරියානු ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියාවේ දූෂණ විරෝධී ඒජන්සිය පැවසුවේ, දෙසැම්බර් 03 වනදා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බලය අයුතු ලෙස භාවිත කිරීම සහ කැරැල්ලක් මෙහෙයවීම යන චෝදනා මත පරීක්ෂණයකට මුහුණ දී සිටින යූන් සුක් යෙයෝල් සඳහා සෝල් බටහිර දිස්ත්‍රික් අධිකරණය වරෙන්තුව අනුමත කළ බවයි.

සාමාන්‍යයෙන් දින හතක් ඇතුළත එරට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කළ යුතු නමුත්, එය දීර්ඝ කළ හැකි බව ද දූෂණ විරෝධී ඒජන්සිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23