ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද සිල්වා, නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනයෙන් අද (30) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වුණා.

නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා මුලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත උත්තමාචාර පිරිනැමීම සිදු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත හඳුන්වාදීම ද මෙහිදී සිදු කරනු ලැබුවා.

මෙම සංචාරයේ දී නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අතර පැවති සුහද පිළිසඳරකින් පසු, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43