මාරාන්තික ගුවන් අනතුරින් පසු දකුණු කොරියාව ගුවන් ආරක්ෂණ පරීක්ෂණයකට නියෝග

දකුණු කොරියාවේ දී ඊයේ (29) සිදු වූ මාරාන්තික ගුවන් අනතුරින් පසු එරට සමස්ත ගුවන් සේවා මෙහෙයුම්වල හදිසි ආරක්ෂාව පරීක්ෂා කරන ලෙස නියෝග කර තිබෙනවා.

දකුණු කොරියාවේ වැඩබලන නායකයා විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජෙජු ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (29) පෙරවරුවේ දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් කිරීමේ දී සිදු වූ දරුණු අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයින් 179 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම මාරාන්තික අනතුරින් දිවි ගලවා ගැනීමට හැකියාව ලැබුණේ දෙදෙනෙකුට පමණයි.

බෝයිං බී 737-800 යානයක් මෙලෙස අනතුරට ලක්වූ අතර, ජෙජු එයාර් ගුවන් යානා ඇණියේ ඇති ගුවන් යානා 41න් 39ක්ම මෙම මාදිලියේ ඒවා බවයි වාර්තා වන්නේ.

මෙම මාරාන්තික අනතුරෙන් පසු, බෝයිං සමාගම පවසා ඇත්තේ තමන් ජෙජු එයාර් සමඟ සම්බන්ධ වී සිටින බවත්, ඔවුන්ට සහාය වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.

මේ අතර මෙම මාරාන්තික අනතුරත් සමඟ ජෙජු එයාර් කොටස් අද (30) දිනය වනවිට 8% කින් පමණ පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරියානු පුවත් වාර්තා අනුව ගුවන් අනතුරින් මියගිය 179 දෙනා වයස අවුරුදු තුනත් 78ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්.

මියගිය අය අතර දෙදෙනක් තායි ජාතිකයින් වන අතර, අනෙක් පිරිස කොරියානුවන් බවයි විශ්වාස කරන්නේ.

මේ අතර මාරාන්තික අනතුරත් සමඟ දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14