ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන 20-20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරග අද (30) පැවැත් වෙනවා.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායමට හැකි වූ අතර, තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා.

පළමු තරගය පැවැත් වූ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී අද තරගයත් පැවැත්වෙන අතර; මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම පළමු තරගය සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ම එක්කර ගනු ඇති බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.

අද තරගය පැවැත්වෙන බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී මේ දක්වා 20-20 ජාත්‍යන්තර තරග 18ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12ක් ජයගෙන ඇත්තේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමයි.

දෙවනුවට පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 03ක් පමණක් බවයි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දත්ත වාර්තාවල දැක්වෙනේ.

බේ ඕවල් තණතීරුව පිතිකරුවන්ට හිතකර එකක් වන අතර, පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 160 කට ආසන්න වී තිබෙනවා.

දෙරට අතර පැවති පළමු තරගය තියුණු සටනකින් පසු ලකුණු 08කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායමට පෙරේදා හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14
Video thumbnail
ස්ථාවරත්වය අහද්දි මරික්කාර් ලිස්සලා ගියපු හැටි - මට තේරෙන්නෙත් නෑ ඒක..මම මාධ්‍යයකාරයෙක්
05:06
Video thumbnail
2019යේ පාස්කු ප්‍ර#රය වුණේ නැත්තම් සජිත් ජනාධිපතිවරණය දිනනවා..
06:32
Video thumbnail
සත්‍යග්‍රහයට මහ රෑම සුගීෂ්වර, අනුරාධා ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම එයි
01:22
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19