Update – මාරාන්තික ගුවන් අනතුරෙන් පසු දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් – 179 දෙනාගේ සිරුරු හමුවෙයි

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළට ගුවන් යානයක් ගොඩබෑමේ දී සිදු වූ මාරාන්තික අනතුරන් පසු එරට තුළ දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව එම කාලය තුළ දකුණු කොරියාවේ රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබෙන අතර, සිවිල් සේවකයින් කළු පටි පළඳින බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් අද (29) පෙරවරු 9.00ට පමණ මෙලෙස අනතුරට ලක් වුණේ තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළ දක්වා පැමිණි ජෙජු එයාර් සමාගමට අයත් යානයක්.

යානය අනතුරට ලක්ව අවස්ථාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 06 දෙනෙක් ඇතුළුව 181 දෙනෙක් එහි ගමන්කර තිබෙනවා.

දකුණු කොරියානු බලධාරීන් සැකපළ කරන්නේ උඩු ගුවනේ දී යානයේ එන්ජිමක පක්ෂියෙක් ගැටී සිදු වූ කාර්මික් දෝෂයක් මත යානය හදිසි ගොඩබෑමට කටයුතු කර ඇති බවයි.

එලෙස යානය හදිසියේ ගොඩබෑමට යාමේ දී එහි ලෑන්ඩින් ගියර් පද්ධතියේ හටගෙන තිබූ දෝෂයක් හේතුවෙන් යානය ධාවන පථය මත ලිස්සා ගොස් තාප්පයක ගැටී පුපුරා ගිනි ගැනීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් මියගිය 179 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර, දෙදනෙක් සුන්බුන් අතර සිර වී සිටිය දී බේරාගැනීමට හැකිව තිබුණා.

ඒ, අනුව යානයේ ගමන් ගත් පිරිසෙන් දෙදෙනෙකු හැරෙන්නට ඉතිරි මගීන් සියල්ල මෙම මාරාන්තික අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිරුපද්‍රිතව බේරාගෙන ඇත්තේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක්වන අතර, ඔවුන් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළා.

මේ අතර සිරුරු පිලිස්සී තිබීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් හඳුනාගැනීම අභියෝගයක් වී ඇති බවයි දකුණු කොරියානු බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම යානය තුළ සිටි මගීන් 175 දෙනාගෙන් දෙදෙනෙක් තායිලන්ත ජාතිකයින් බවට ද අනාවරණය වී තිබෙනවා.

සිදු වූ මෙම මාරාන්තික අනතුරෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින්ග් විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

සිදුවූ ඛේදවාචයක සැලවීමෙන් තමන් කම්පනයට පත් වූ බවයි වැඩබලන දකුණු කොරියානු ජනාධිපති චෝයි සංග්-මොක් වෙත පණිවිඩයක් යොමුකරමින් චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

එමෙන්ම එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී පවසන්නේ දකුණු කොරියාවේ සිදු වූ ගුවන් අනතුර පිළිබඳ පුවත පිළිබඳව තමන් දැඩි ශෝකයට පත්වන බවයි.

මේ අතර දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ මේ වන විට ගුවන් යානයේ හඬ පටිගත කිරීමේ යන්ත්‍ර දෙකම සුන්බුන්වලින් සොයාගත් බවයි.

යානය කඩා වැටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ විමර්ශනයට එම යන්ත්‍ර උපකාරී වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?