Update – මාරාන්තික ගුවන් අනතුරෙන් පසු දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් – 179 දෙනාගේ සිරුරු හමුවෙයි

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළට ගුවන් යානයක් ගොඩබෑමේ දී සිදු වූ මාරාන්තික අනතුරන් පසු එරට තුළ දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව එම කාලය තුළ දකුණු කොරියාවේ රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබෙන අතර, සිවිල් සේවකයින් කළු පටි පළඳින බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් අද (29) පෙරවරු 9.00ට පමණ මෙලෙස අනතුරට ලක් වුණේ තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළ දක්වා පැමිණි ජෙජු එයාර් සමාගමට අයත් යානයක්.

යානය අනතුරට ලක්ව අවස්ථාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 06 දෙනෙක් ඇතුළුව 181 දෙනෙක් එහි ගමන්කර තිබෙනවා.

දකුණු කොරියානු බලධාරීන් සැකපළ කරන්නේ උඩු ගුවනේ දී යානයේ එන්ජිමක පක්ෂියෙක් ගැටී සිදු වූ කාර්මික් දෝෂයක් මත යානය හදිසි ගොඩබෑමට කටයුතු කර ඇති බවයි.

එලෙස යානය හදිසියේ ගොඩබෑමට යාමේ දී එහි ලෑන්ඩින් ගියර් පද්ධතියේ හටගෙන තිබූ දෝෂයක් හේතුවෙන් යානය ධාවන පථය මත ලිස්සා ගොස් තාප්පයක ගැටී පුපුරා ගිනි ගැනීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් මියගිය 179 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර, දෙදනෙක් සුන්බුන් අතර සිර වී සිටිය දී බේරාගැනීමට හැකිව තිබුණා.

ඒ, අනුව යානයේ ගමන් ගත් පිරිසෙන් දෙදෙනෙකු හැරෙන්නට ඉතිරි මගීන් සියල්ල මෙම මාරාන්තික අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිරුපද්‍රිතව බේරාගෙන ඇත්තේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක්වන අතර, ඔවුන් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළා.

මේ අතර සිරුරු පිලිස්සී තිබීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් හඳුනාගැනීම අභියෝගයක් වී ඇති බවයි දකුණු කොරියානු බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම යානය තුළ සිටි මගීන් 175 දෙනාගෙන් දෙදෙනෙක් තායිලන්ත ජාතිකයින් බවට ද අනාවරණය වී තිබෙනවා.

සිදු වූ මෙම මාරාන්තික අනතුරෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින්ග් විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

සිදුවූ ඛේදවාචයක සැලවීමෙන් තමන් කම්පනයට පත් වූ බවයි වැඩබලන දකුණු කොරියානු ජනාධිපති චෝයි සංග්-මොක් වෙත පණිවිඩයක් යොමුකරමින් චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

එමෙන්ම එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී පවසන්නේ දකුණු කොරියාවේ සිදු වූ ගුවන් අනතුර පිළිබඳ පුවත පිළිබඳව තමන් දැඩි ශෝකයට පත්වන බවයි.

මේ අතර දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ මේ වන විට ගුවන් යානයේ හඬ පටිගත කිරීමේ යන්ත්‍ර දෙකම සුන්බුන්වලින් සොයාගත් බවයි.

යානය කඩා වැටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ විමර්ශනයට එම යන්ත්‍ර උපකාරී වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26