මනූෂගේ සොහොයුරා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා එළඹෙන ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, ඔහුව අද (29) දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව ඊයේ (28) බිබිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.