Update – දකුණු කොරියා ගුවන් අනතුරින් අහිමි වූ ජීවිත ගණන ඉහළට (වීඩියෝ)

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපපොළේ දී ගුවන් යානයක් කඩ වැටී සිදු වූ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානය තුළ සිටි 181 දෙනාගෙන් 47 දෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරට ලක්වන අවස්ථාවේ දී යානය තුළ මගීන් 175ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සිට තිබෙනවා.

යානයේ සිටි මගීන් අතර දකුණු කොරියානුවන් 173 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

Update – Sunday, December 29, 2024, 8.42AM

දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේ දී ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 06 දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ.

යානය මෙලෙස අනතුර ලක්වීමට නිශ්චිත හේතුව අනාවරණය වී නොමැති අතර, පක්ෂීන් රංචුවක් යානයේ ගැටී ගොඩබෑමේ ආම්පන්නය අක්‍රිය වීම අනතුරට හේතුවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?