පළමු 20-20 තරගයේ ජය කිවියන්ට

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු 20-20 තරගය ලකුණු කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (28) සමත් වුණා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස නවසීලන්තය පෙරමුණ ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 172ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසි අතර, එහිදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 120ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.

පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබාගෙන සිටිය දී දැවීගිය අතර ඔහුගේ දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා.

තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට දෝලනය වී තිබිය දී මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් නොතිබූ ජයක් නවසීලන්තය සතු වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 90ක් රැස්කළ අතර, කුසල් පෙරේරා සහ කමින්දු මෙන්ඩිස් ලකුණු රැස් කළේ නැහැ.

නායක චරිත් අසලංක ලකුණු 03ක්, භානුක රාජපක්ෂ ලකුණු 08ක් සහ වනිඳු හසරංග ලකුණු 05ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේකොබ් ඩෆී කඩුලු 03ක් බිඳ දැමූ අතර, මැට් හෙන්රි සහ සකරි ෆෝකස් අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ලියවී තිබුණේ කඩුලු 08ක් දැවී ලකුණු 164ක් ලෙසටයි.

ඒ අනුව පළමු 20-20 තරගය ලකුණු 08 කින් ජයගෙන නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26