සොරාගත් ත්‍රිරෝද රථ වෙනස්කර විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

ත්‍රිරෝද රථ සොරකම් කර ඒවා වෙනස් කර; භාවිතයෙන් ඉවත් කරන ලද ත්‍රිරෝද රථවල පොත් යොදාගෙන විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කොම්පඤ්ඤවීදිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හැකියාව ලැබී තිබෙනවා.

එහිදී සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 09ක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගරාජයත් තුළ සොරකම් කරන ලද මෙම ත්‍රිරෝද රථ වෙනස් කිරීම්වලට ලක්කර ඇති අතර, එලෙස වෙනස් කිරීම් සිදුකළ රථ ෆේස්බුක් හරහා දැන්වීම් පළකරමින් අලෙවිකරන බවයි අනාවරණය වී ඇත්තේ.

ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !