ආදරණීය ප්‍රියා වෙනුවෙන් අවසන් ගෞරව පිදීමට ජනපති එයි (වීඩියෝ)

දෙසැම්බර් මස 24 වැනි දින අභාවප්‍රාප්ත වූ මෙරට ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා වෙනුවෙන් අවසන් ගෞරව පිදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණියා.

අද (27) පෙරවරුවේ ජනාධිපතිවරයා ප්‍රියා සූරියසේන මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල
රෙක්ස්පෙක්ට් ජයරත්න මල් ශාලාව වෙත පැමිණි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

80 වැනි විය පසුකරමින් සිටි මෙම කෘතහස්ත ගායන ශිල්පියා දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිටි අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

සුදු පරෙවි රෑන සේ, රටකින් එහා ඉගිලී, ආදරණීය නේරංජනා, ළිහිණින් රෑන පියා සලන්නේ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනය කළ සම්මානිත ගායන ශිල්පියෙක්.

ඉමහත් රසික ජනාදරයට පාත්‍ර වූ ප්‍රියා සූරියසේන මහතා සංගීත ගුරුවරයෙකු ලෙස ද කැලණිය විශ්වවිද්‍යාලයේ කලක් කටයුතු කර තිබුණා.

ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරු 03ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙනු ඇති.

ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට පක්ෂ – විපක්ෂ මැති ඇමතිවරුන් සේ ම කලා තරු රැසක් සහ මහජනතාව ද පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46