තැනින් තැනට ගොස් කොල්ලකෑම් 21ක් කළ කොලු රංචුව පොලිස් දැලට (වීඩියෝ)

දිවයින පුරා ප්‍රදේශවල නිවාස හා රන් භාණ්ඩ වෙළෙඳසැල් 21ක් බිඳ එහි තිබූ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ හා ජංගම දූරකථන කොල්ලකෑ වයසින් ළාබාල වියෙහි පසුවන කණ්ඩායමක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් කණ්ඩායම යාපනයෙන් පැමිණ විවිධ ප්‍රදේශවල කොල්ලකෑම් සිදු කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ගම්පොළ – ගලහා පොලිසිය විසින් සිදු කරන විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් යාපනය ප්‍රදේශයේ සොරකම් තුනක් ද, වව්නියා – ඉච්චකුලම් ප්‍රදේශයේ සොරකම් 04ක් ද, යාපනය කයිට්ස් හි සොරකම් 03ක් ද, වවුනියා – මාමණ්ඩු හි සොරකම් 03ක් ද සිදු කර තිබෙනවා.

ඉන් අනතුරුව මහනුවර – ගම්පොළ – ගලහා ප්‍රදේශයේ සොරකම් 07ක් සහ නුවරඑළිය – කඳපොළ ප්‍රදේශයේ ද සොරකම් 07ක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල රන් භාණ්ඩ වෙළඳසැල්, කෝවිල්වල මුදල් පෙට්ටි හා ජංගම දුරකථන බවත් හෙළි ව තිබෙනවා.

ගලහා ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැල් තුනක්, කෝවිලක් හා ඖෂධ වෙළඳසැලක් බිඳ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ඇති අතර ඖෂධ හලෙන් රුපියල් ලක්ෂ 12ක් ද සොරාගෙන තිබෙනවා.

මොවුන්ට යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු 09ක් නිකුත් කර ඇති බවයි ගලහා පොලිසිය පැවසුවේ.

සැකකරුවන් වයස අවුරුදු 19ත් 26ත් අතර පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39