පාර්ලිමේන්තු පරිශ්‍රයේත් නත්තල් කැරොල් ගී ගැයේ (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් අසිරිමත් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ අද (25) දිනට සමගාමී ව කතානායකවරයාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය පාර්ලිමේන්තුවේ කාර්‍යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද බවයි.

ඔවුන්ගේ සහ අනුබද්ධිත කාර්ය මණ්ඩලයන් හි සාමාජිකයන්ගේ දු දරුවන් සඳහා සංවිධානය කරන ලද මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

ඒ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් පැමිණි අගරදගුරු පදවි, ඉඩම් සහ දේපළ සහාය පරිපාලක ක්‍රිෂ්නක ඩිලාන් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන්.

සියලුම ජාතින් හා ආගම් අතර සමගිය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

කැරොල් ගී ප්‍රසංගය ආරම්භ කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ සකස් කර තිබූ නත්තල් ගස ආලෝකවත් කිරීම සිදු කෙරුණා.

Christmas Carol 20241223 3
Christmas Carol 20241223 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?