නිවසක ජීවත් වූ අඹු – සැමි යුවළකට ඊයේ (24) රාත්‍රියේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම වෙඩි ප්‍රහාරය වැල්ලව – මරළුවාව ප්‍රදේශයේ දී සිදු ව ඇති අතර නාඳුනන පුද්ගලයෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු – සැමි යුවල කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණ ද එහිදී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ 32 හැවිරිදි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාලකාරිය අවුරුදු 30ක් වූ තැනැත්තියක වන අතර ඔවුන් එම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අඹුසැමි යුවලක්.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
1
+1
+1













