ICU BED එකක් කියන්නේ මොකක්ද.. ?

අපි දකිනවාට වඩා මෙහි ඇති ගැඹුරු බව ගැන අපූරු සටහනක් අපිට ලැබුණා.. මේ එම සටහනයි..

මේ තියෙන්නෙ icu බෙඩ් එකක්.. මේක නිකම්ම එහෙට මෙහෙට නමන්න දිග අරින්න පුලුවන් ඇඳන් කෑල්ලක්, මෙට්ටයක් විතරක් කියල හිතන මුං කුච්චක් තරං මොළ කලඳක් තියන උං ඉන්නවා..

ICU එකකට දාන ලෙඩෙක් ස්වසනය සම්පූර්ණයෙන්ම මැශින් එකකට භාර දෙනවා.

ඒකට රෝගියා සම්බන්ධ කරන්න රෝගියාගෙ ස්වාසනාලයට බටයක් දාන්න ඕනෙ..

සමහරක්ට හිතන්න පුලුවන් ඕක මොකක්ද ඔන්නොහෙ කට අස්සට බටේ තල්ලු කරාම බටේ ඕක අස්සට යයි කියලා..

ඔව් බටේ නම් යයි හැබැයි ඒ ගැන මනා පුහුණුවක් නැති වෛද්‍යවරයෙක්ට වුණත් ලේසියෙම්ම ඕක දාන්න පුලුවන් අන්නශ්‍රෝතයට..

ඊට පස්සෙ මැසිමට සෙට් කරල හුලං ගැහුවම දෙයියනේ කියල බඩ හුලං වලින් පිරෙව්වැකි ලෙඩා ඉතිං එලොව..

ඒ සඳහාම මනා පුහුණුවක් තියන වෛද්‍යවරයෙක් රෝගියා සිහිනැති කරල ස්වරතන්ත්‍ර හරහා ස්වාසනාලයට ඇතුල් කරනවා..

ඒකට ඉතා හොඳ පුහුණුවක්, සංයමයක් ඕනෙ.. වෛද්‍යවරයෙක්ට ඒ පුහුණුව ලබා ගන්න මාස කිහිපයක් ඕනෙ..

රෝගියාගෙ රුධිර පීඩනය මනින්න, විවිධ ඖශධ ලබා දෙන්න හෘදවස්තුවෙ දකුණු කර්ණිකාවට සම්බන්ධ ශිරාවකට බෙල්ලෙන් නාලයක් ඇතුල් කරනවා බොහෝ වෙලාවට.. ඒක කරන්න ඉතිං තව සෑහෙන පුහුණුවක් ඕනෙ..

ඔය ඕක වටේ තියන අනික් මැශින් වලින් එන දත්ත රෝගියාගෙ සායනික තත්ව එක්ක එකතු කරලා හිතලා රෝගියාට ලබාදෙන්න ඕනෙ ඖෂධ තීරණය කරන්න සාගරයක් වගේ දැණුමක් ඕනෙ..

ඒක ලැබෙන්න අවුරුදු 5ක වත් පුහුණුවක්, අධ්‍යනයක් ඕනෙ…

මේලෙඩා icu එකෙ බලාගන්න හෙදියට ඒවගෙම පුහුනුවක් ඕනෙ. රෝගීන්ට සෑම තප්පරේකදිම ඖශධ ලබාදෙන ආකාරයට ඉන්ෆ්‍යුශන් පොම්ප වලින් තමා ඖශධ දෙන්නෙ.. ඒවගෙ ප්‍රමාණ වෙනස් කරනව පැය ගනන් වලින්.. ඉතින් ඒවට පුහුණු වෙන්නත් සැහෙන කාලයක් යනවා..

ඒ වගේම ඔය මැශින්, උපකරණ ආරක්ෂාකාරීව පිරිසිඳු කරන එකත් වෙනමම පුහුණුවක් ඕනෙ වැඩක්..

ඔය අයිසීයූ එකක පැය 6 ඩියුටි තියෙන්නෙ.. එක පැය 6කට ඇඳකට හරිනම් එක නර්ස් කෙනෙක් වෛද්‍යවරයෙක් ඉන්න ඕනෙ.. ඒකට කියන්නෙ one to one care එකක් දෙනව කියලා..

ඉතිං බෙඩ් එක රැයින් මවන්න බෑ.. ඇලඩින්ගෙ පහනෙ බූතයා වුණත් ඔය වගේ එකක් කරන්න කීවොත් ආයෙ පහන අස්සට දාලා මාව වහපං කියනවා මිසක් ඕක කරන්නෙ නෑ..

පරිස්සං වෙලා ගෙදර හිටපල්ලා.. එතකොට කොවිඩ් බෝවෙන්නෙත් නෑ එතකොට icu ඕන වෙන්නෙත් නෑ.

සටහන – Dhananjaya Dassanayake

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජා නැද්ද - ගෙදර යන්න වෙනවා.. ස්ථිරයි
04:33
Video thumbnail
ආයේ කිසිම එකෙකුට ඡන්දේ දෙන්නේ නෑ
04:04
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40