ප්‍රියා දිවිසැරිය නිම කරයි

ප්‍රවීන ගයන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 80 වන වියේ පසු වුණා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1944 ඔක්තෝබර් 27 වන දින ජේමිස් අප්පුහාමිට හා ඒ.එම්.පොඩි මැණිකේට දාව උපන් ප්‍රියදර්ශන සූරියසේන ලියනගේ සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පුත්‍රයා වනවා.

මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රියා සූරියසේන උසස් පෙළින් පඩු රජයේ ‘හේවුඩ්’ සංගීත විද්‍යාලයෙන් සංගීතතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගෙන තිබෙනවා.

අනතුරුව ඔහු අවුරුදු 12ක කාලයක් ගුරු වෘත්තියේ නියැලෙන අතර, 1985 වසරේදී ගුරු වෘත්තියට සමු දී සංගීතවේදියෙකු ලෙස කටයුතු ආරම්භ කරනවා.

මෙරට සංගීත ක්ෂේත්‍රයට ජනප්‍රිය ගීත රැසක් තිළිණ කර ඇති ඔහු චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙසත් එළිමහන් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්යබහුල ගායකයෙකු ලෙසත් ප්‍රසිද්ධව සිටියා.

කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා, සුදු පරවි රෑන සේ, ඈත රන් විමන්, රටකින් එහා ඉගිලී, අඳුර අඳුර මගේ, සරතැස නිවා; වැනි මෙරට ප්‍රේක්ෂකයින් අතර මතයයේ රැඳෙන ජනප්‍රිය ගීත රැසක හිමිකරුවා බවට පත් වුණා.

අභාවප්‍රාප්ත ප්‍රියා සූරියසේන මහතාගේ දේහය හෙට (25) උදෑසන 8.30 සිට පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
38
+1
5
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16