ජා-ඇල වෙඩි තැබීමක්

ජා-ඇල, ශාන්ත ආනා ප්‍රදේශයේ අද (24) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

එම ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නැහැ.