ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ISIS ත්‍රස්තයින්ගේ මෙන් ම එල්.ටී.ටී.ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ; අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු 05 වැනි විධායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ලබා දී සිටි ඉතිරි හමුදා නිලධාරීන් ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉවත් කරන ලද බවයි.
මහින්ද රාජපක්ෂ (හිටපු) ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර සිටි පොලිස් අධිකාරි එම්. එස් ඩී වික්‍රමසිංහ මහතා විසින් ද 2024 ඔක්තෝබර් මස 10 වැනි දින ප්‍රභූ ආරක්ෂක කමිටුව විසින් ඉල්ලන ලද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවටත්; එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ලබා දෙන ලෙස පැවසූ වාර්තාව යොම් කරනු ලැබුවා.
එම වාර්තාවේ දක්වා ඇත්තේ ලැබී ඇති බුද්ධි අංශ තොරතුරු 13ක් මත මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය විනාශ කිරීමට ඩ්‍රෝන සමග එක් කළ බෝම්බ ප්‍රහාරයක් ද සූදානම් කර ඇති බවයි.
එය ISIS ත්‍රස්ත සංවිධානය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවටත් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු 04ක දැක්වෙනවා.
එමෙන්ම ඊට අමතරව එල්.ටී.ටී. ඊ සහ පාතාල කල්ලි වෙතින් ද හිටපු ජනාධිපතිවරයා වෙත දරුණු ගණයේ ජීවිත තර්ජන එල්ල වී ඇති පසුබිමක පොලිස් ආරක්ෂාවක් පමණක් යොදවා සන්නද්ධ දැනුමින් සහ අත්දැකීමෙන් සපිරි හමුදා නිලධාරීන් රජයට වැඩි පිරිවැයක් යැයි පවසමින් ස්ථාන මාරු කර කඳවුරු වෙත යැවීම සිදු කළ ද රජයට ආදායමක් නො ලැබෙන බවයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ.
එම යුද හමුදා නිලධාරීන් යුද හමුදා කඳවුරු වෙත යැවුව ද, ඔවුන්ට ලබා දිය යුතු වැටුප් සහ පහසුකම් අඛණ්ඩ ව සැපයිය යුතු බවත් හෙතෙම සඳහන් කළා.














අනේ පලයන් පරයා උන්ට පිස්සුද වල පයයි ගොඩ පයයි තියන් ඉන්න එකෙක්ට ඩ්‍රෝන ප්‍රහාර කරන්න..?
ඇයි උන්ගෙනුත් හොරකම් කරලද ?? 😜😜😜
Hah Hah Haaaa
දැන් වහාම මොහු ගෙන් මෙි පිලිබදව පුකාශ සටහන් කරගෙන සුදුසු කිුයා මාර්ග ගත යුතුයි .
thoge ammata…………
Yes
If it is better to keep him in a Air Force Camp with a batalion with two jets. PAKA thamai.
ජොන්ස්ටනූත් මහින්ද මරන්න හැදූවා මිනියට කෙහෙලිය බෙහෙත් බිලා පිස්සුවෙන් වගෙ දෙඩවනවා යකො නාමල්ටවත් නැති කැක්කුමක්නෙ මූට තියෙන්නේ මූටයි මහින්ද ඉක්මනින් මරාගන්න උවමනා වෙලා තියෙන්න.
Pissu kathawak.droner praharayak walawkwanna pabala hamudawatath baha.
mona boruda gal prahara janathavagen nam ella venava dushitha henchayyange boru katha
Oya sakkili balla makabaawila yanna oni. oka thamayi me rata hama vinasayakma kale. Rajapakshalage asuuchi gilina sunakayanta godak amaru athi.