කලාපීය ගැටුම් ඇති නොවන සේ වහාම මැදදුර මිසයිල පද්ධතිය ඉවත් කරන්න – චීනය පිලිපීනයෙන් ඉල්ලයි

වැරදි මාර්ග ඔස්සේ ඉදිරියට නොගොස් මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා  Mao Ning මහත්මිය අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, ඇමරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උපායමාර්ගිකව‍ යොදා ගත හැකි මෙන්ම ප්‍රහාරක අවියක් ද වන මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනයෙහි ස්ථාපිත කිරීම බාහිර බලවේගයන් කලාපීය ගැටුම් ඇති කිරීමට අනුබල දෙන ක්‍රියාවක් බවයි ඇය එහිදී පෙන්වා දී ඇත්තේ.

එබැවින් එය සිය රටට මෙන්ම අග්නිදිග ආසියානු කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද වන වගකීම් විරහිත තීරණයක් බව ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව කලාපය තුළ සාමය හා සමෘද්ධිය පැවතීම අත්‍යවශ්‍ය වන බැවින් මැදදුර මිසයිල පද්ධතියක් හා ගැටුම් අවශ්‍ය නොවන බව අවධාරණය කළ ඇය පෙන්වා දී ඇත්තේ, මීට පෙර ලබා දුන් විවෘත ප්‍රතිඥාවට අනුව, පිලිපීනය මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06