“අපට දැන් අවසර තිබෙනවා, නමුත් බයයි..” – මුඛ ආවරණවලින් නිදහස් වූ ඊශ්‍රායල ජනයා විදි බසී – Photos

ඊශ්‍රායලයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 838,481 ක්.

ඉන් 6,363 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 830,625 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, මේ දක්වා එරට තුළ මුඛාවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණ ද, පසුගිය සතියේදී එය අවශ්‍ය නොවන බවයි, ඊශ්‍රායිල රජය නිවේදනය කළේ.

ලොව වේගවත්ම කොරෝනා මර්දන එන්නත් කිරීමේ ව්‍යාපාරය එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කර ඇති අතර මේ දක්වා ජනගහනයෙන් අඩකට අදාළ එන්නත ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තරුණියක අදහස් දක්වමින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, “අපට දැන් අවසර තිබෙනවා, නමුත් බයයි.. ඒ නිසා තවදුරටත් මුඛ ආවාරණ පළඳිනවා..” යනුවෙනුයි.

“එය මාගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා..” යනුවෙන් ද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

අදාළ පුවත සැලවීමත් සමඟ ඊශ්‍රායල ජනයා වීදියට පැමිණ ඡායාරූප ගනිමින්, සිය සතුට ප්‍රකාශ කළ ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

ඊශ්‍රායලය මුඛ ආවාරණ පැළඳීමේ නීතිය ලිහිල් කළ ප්‍රථම රට බවට පත්ව ඇති බව ද සඳහන්.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09