කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය සහන ලැබෙන්නේ මෙහෙමයි

පසුගිය කාලය තුළ අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම විශේෂ චක්‍රලේඛයට අනුව ලබන වසරේ මාර්තු 31 වනදා වන විට අදාළ බැංකුවල ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකක සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා සහන හිමි වනවා.

2019 වසරේ අප්‍රේල් පළමු වනදා හෝ ඉන් අනතුරුව අදියර තුනෙහි ණය ලෙස වර්ගීකරණය කර ඇති ණය පහසුකම්වලට අදාළව සියලු ලේඛන ඉදිරිපත් කිරීමට යටත්වයි.

ඒ, අනුව 2024 වසරේ දෙසැම්බර් 15 වනදාට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය, රුපියල් මිලියන 25ට අඩු නම්, ලබන වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර ප්‍රතිලේඛණගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වනවා.

රුපියල් මිලියන 25 – 50 අතර හිඟ ණය පවතින ණය ගැතියන්ට ලබන වසරේ සැප්තැම්බර් 30 වනදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන්.

එමෙන්ම රුපියල් මිලියන 50ට වැඩි හිඟ ණය ඇති ගනුදෙනුකරුවන් එළෙඹෙන වසරේ ජුනි 30 වනදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වනවා.

ඊට අමතරව නොගෙවූ ණය පොළිය නිදහස් කිරීම සම්බන්ධයෙන් සහන සලසා තිබෙනවා.

ඒ, අනුව රුපියල් මිලියන 05 සිට මිලියන 10 දක්වා හිඟ ණය මාස 06ක් තුළ නිරාකරණය කළහොත් 65%ක්, අවුරුද්දක් ඇතුළත 50%ක් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ 40% ක් ලෙස ණය පොළිය නිදහස් කරනු ඇති.

මුළු හිඟ ණය මුදල රුපියල් මිලියන 10 සිට මිලියන 25 දක්වා ඇත්නම් එම ණය මුදල, මාස 06ක් ඇතුළත එය නිදහස් කළහොත් 35%ක් පොළිය නිදහස් කරන බවයි දන්වා ඇත්තේ.

එම ණය මුදල වසරක් තුළ ගෙවා නිමකරන්නේ නම්, 25% කින් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ 20%ක් ලෙස ණය පොළිය නිදහස් කිරීමට නියමිතයි.

02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?