හැටන්, මල්ලියප්පුව ප්‍රදේශයේ දී අද (21) පෙරවරුවේ සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනතුර සිදු වූ අවස්ථාවේ දී එම බස් රථයේ පුද්ගලයින් 54 දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරින් තුවාල ලැබූ 40 දෙනෙකු පමණ දික්ඔය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.
බරපතළ තත්ත්වයේ පසු වූ කිහිප දෙනෙක් මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් මිය ගිය තිදෙනා කාන්තාවක්, පිරිමි පුද්ගලයෙක් සහ කුඩා දරුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Update – Saturday, December 21, 2024, 12.05PM
හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක්, හැටන්, මල්ලියප්පුව ප්‍රදේශයේ දී අද (21) පෙරවරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.
බස් රථය මාර්ගයෙන් පිටතට ධවනය වී අසළ තිබූ තේ වත්තට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 54 දෙනෙකු පමණ සිය ඇති අතර, ඉන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
තුවාලකරුවන් දික්ඔය රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.














වැඩක් නැහැ කොච්චර මැරුණත් .. රිය අනතුරු අවම කරන්න පුළුවන් පොලිසිය කාර්යක්ෂම නම් කොහේද පොලිස් පති නිදි..වැදගත් මහතායෙක්වුණා කියලා වැඩක් නැහැ කාර්යක්ෂම නැතිනම්.. එදා 2005 චන්ද්‍ර ප්‍රනාන්දු ලංකාවේ සියළුම ප්‍රධාන පාරවල් වල වාහන සෝදිසි කරන්න anakala.. බීමත් රියදුරන්ව අල්ලන්න ඒ කාලය තුල පොලිසියේ අයත් බීලා රිය පැදවුයේ නැහැ.. ලංකාවේ 90% ක් රිය අනතුරු අඩු වුණා.. ඌට මා අකමැති වුනත් හැබැයි ඌ එදා කාර්යක්ෂම ලෙස වැඩක් කලා.. මම හිතුවේ npp එක ආ ගමන් මේවා වෙනස් වෙයි කියලා..