ජංගම දුරකථනය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පසුගිය ජූලි පළමු වනදා ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ දී මොහොමඩ් නිෂබ්දීන් අබ්දුල් රහුමාන් නැමැත්තා ඝාතනය කිරීමට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා ලැබ මාස 05කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 21 හැවිරිදි පුද්ගලයෙක් රුපියල් 75,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය විසින් සිය සේවාදායකයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් මරණකරු සමඟ ඇති වූ ගැටුමේ දී ඔහු සිදුකර ඇතැයි කියන වරද මරණකරුගේ පාදයකට පිහියකින් කෙටීම බැවින්, එකී මරණය සිදුකිරීමේ චේතනාවක් ඔහුට නොති බූ බවට පැහැදිලි වන්නේ යැයි පේනවා දෙමින් විත්තියේ නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙලෙස ඇප නියම කර සිටියා.