කෝටි 05ක ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් ගුවන් තොටින් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 05ක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ගුවන් මගීන් තිදෙනා අද (20) අත්අඩංගුවට ගෙන ති අතර, මොවුන් අතරින් පළමු ගුවන් මගීන් දෙදෙනා, අලුයම 12.30ට ඩුබායි සිට එෆ්.ඉසෙඩ්.- 569 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 25 හැවිරිදි වයස්වල පසුවන දෙදෙනෙක්.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් ද අද (20) උදෑසන 09.45ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් මෙලෙස නීති විරෝධී ලෙස ජංගම දුරකථන 309ක්, ටැබ් පරිගණක 08ක්, ජංගම දුරකථන උපාංග, ලැප්ටොප් 12ක්, මැක් බුක් 02ක්, අයි පෑඩ් 04ක්, ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු 20ක්, රවුටර් 05ක්, ඉයර් බඩ්ස් 30ක් රැගෙන විත් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?