තවමත් භාර නො දුන් ගිනිඅවි සියල්ල ම ජනවාරි 20ට කලින් දෙන්න – ආරක්ෂක අමාත්‍යාංශය (වීඩියෝ)

ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුරවැසියන් හට ලබා දී ඇති සියලුම ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ප්‍රකාරව එහි දැක්වෙන්නේ; සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබා දී තිබු සියලුම වර්ගයේ ගිනිඅවි හා පතරොම් 2024 නොවැම්බර් 21 දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුම් දෙනු ලැබූ බවයි.

අදාළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට 85% ක් පමණ බලපත්‍රලාභීන් විසින් එම ගිනිඅවි නැවත භාරදීමට කටයුතු කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

එම පුරවැසියන්ට ගිනිඅවි තවදුරටත් ළඟ තබා ගැනීමට අවශ්‍ය නම් එකී අවශ්‍යතාව පැහැදිලි කරමින් 2024 ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනිඅවි පරික්‍ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමඟ අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජීවිත ආරක්‍ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනිඅවියක් පමණක් ලබාදීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ තීරණය වන අතර එය ද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදු කරනු ලබනවා.

ගිනිඅවි ළඟ තබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය හා අදාළ ගිනිඅවි පරික්‍ෂාව 2025 ජනවාරි මස 20 වන දින අවසන් කිරීමට නියමිත අතර, බලපත්‍රලාභීන්ට එදිනට පෙර ගිනිඅවි විගණනය සඳහා ඉදිරිපත් කරන ලෙස මෙමගින් දැනුම් දී තිබෙනවා.

පසුගිය සමයේ දී පුද්ගල ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනිඅවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් එහි සඳහන්.

එබැවින් එම ගිනිඅවි හා පතරොම් ද 2024 දෙසැම්බර් මස 31 දිනට පෙර නැවත රජයට භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එබැවින් එම උපදෙස්වලට අනුව මෙම ගිනිඅවි හා පතරොම් ළඟම ඇති ‍පොලිස ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලෙසත්, නියමිත දිනට පෙර ගිනිඅවි සංගණනය හා විගණනය සඳහා ඉදිරිපත් නොවන ගිනිඅවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් මෙම නිවේදනයෙන් දැනුම්දෙනු ලැබුවා.

සිවිල් ජන සමාජය තුළ ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුළින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුළින් සුරක්‍ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ගන්නා ලද මෙම තීරණයට අනුගතව මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලුම බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාරදීමට කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්වයන් වෙත අවධාරණය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?