සිර මැදිරියේ ඇද වැටුණු පුද්ගලයා දින තුනක් තුළ මරුට

පසුගියදා හලාවත පොලිස් සිර මැදිරියේ වැටී තුවාල ලබා රෝහල්ගත කර සිටි සැකකරුවෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත – දැදුරුඔය, ජයබිම පදිංචි ව සිටි 42 හැවිරිදි උදේශ් සංජීව නමැත්තෙක්.

ඉඩමකට අයුතු ලෙස ඇතුළු වූ බවට චෝදනා ලබා සිටි එම සැකකරු ව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් ඉකුත් 16 වැනිදා සවස අත්අඩංගුවට ගනු ලැබුවා.

විමර්ශන කටයුතු අවසන් වන තුරු එම සැකකරුව රඳවා සිටියේ හලාවත පොලිස් ස්ථානයේ ඇති සිරමැදිරිය තුළ යි.

නමුත් දෙසැම්බර් මස 17 වැනි දින මෙම සිරකරු සිරමැදිරියේ ඇද වැටී සිටින අයුරු එහි සේවය කළ පොලිස් නිලධාරියෙකු දැක ඒ බව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබෙනවා.

ඉන් අනතුරුව සැකකරුව කඩිනමින් හලාවත රෝහලට ඇතුළත් කළ ද ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

නමුත් කොළඹ ජාතික රෝහලෙන් අදාළ රෝගියා ව එදින ම යළිත් හලාවත මහ රෝහලට එවීමටයි කටයුතු කර ඇත්තේ.

දෙසැම්බර් මස 18 වැනි දින හලාවත වැඩබලන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් සැකකරුව නිරීක්ෂණය කර පැමිණ ඔහු ව ඇප මත නිදහස් කරන ලෙසට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතුව රෝහලේ රඳවා තබා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති අතර හෙතෙම ඊයේ (19) රාත්‍රී 7ට පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත‍යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56