AFC Banner
AFC Banner
Empty Ad

චැසි අංක වෙනස් කළ ත්‍රීරෝද රථ 04ක කොටස් සමග දෙදෙනකු හිරගෙට

වරකාපොළ පොලිස් බල ප්‍රදේශයේ දී සොරකම් කරන ලද ත්‍රීරෝද රථ දෙකක් ඇතුළු චැසි අංක වෙනස් කළ ත්‍රීරෝද රථ 4ක කොටස් කෑගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරින් විසින් කිරිඳිවැල ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වරකාපොළ පොලිසියට පසුගිය සැප්තැම්බර් මස 23 වන දින ත්‍රීරෝද රථයක් පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව විශේෂ විමර්ශනයක් සිදු කළ බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (17) රාත්‍රියේ දී වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම මෙම සැකකරු පැවසූ සේල් හිමියා ද පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර සිදු කළ විශේෂ පරීක්ෂණයෙන් ඔහුගේ නිවසේ තිබී මෙම ත්‍රීරෝද රථ කොටස් සොයාගැනුණා.

වරකාපොළ පොලිසිය මගින් ප්‍රධාන සැකකරු හා අනෙත් සැකකරු වරකාපොළ මහේත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය වෙත ඊයේ (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙසට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?