ජනපති අනුර ඉන්දීය සංචාරය අවසන් කර දිවයිනට (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින ඉන්දීය නිල සංචාරය අවසන් කර දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ දී ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.

ජනාධිපතිවරයා සමග දූත මණ්ඩලයට එක් වූ කැබිනට් අමාත්‍ය මහාචාර්‍ය අනිල් ජයන්ත, විජිත හේරත් ඇතුළු පිරිස ද පැමිණ සිටියා.

ඊයේ රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ජනාධිපතිවරයා ජනපති ධුරයට පත් ව කළ පළමු විදෙස් සංචාරය ලෙසයි මෙය ඉතිහාසගත වන්නේ.

ජනාධිපතිවරයා ඉන්දියාවට ගිය අවස්ථාවේ දී ඉහළම අයුරින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගනු ලැබූ අතර, පසුව සුහද සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද පැවැත්වුණා.

ආර්ථික ගිවිසුමක් ලෙස සැලකෙන එට්කා ගිවිසුමට ද ජනාධිපතිවරයා මෝදි අගමැති සමග එකඟ වූ බවයි වාර්තා වූයේ.

මීට අමතර ව ඉන්දීය ජනාධිපතිනිය, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක, ඉන්දීය මුදල් අමාත්‍යවරිය, ඉන්දීය වෙළෙඳ ආයෝජකයින් ඇතුළු පිරිසක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසී දෙරට අතර ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

IMG 20241218 WA0001
IMG 20241218 WA0002
IMG 20241218 WA0003
IMG 20241218 WA0004
  1. සියල්ල ම හොදය. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බයට සත්‍ය යුක්තිය ඉටුකර රට ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට පෙලගැසෙමු .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03