සැමියාට හොරෙන් කළලය විනාශ කරගත් බිරිඳ සිරගෙට

සිය සැමියාට නොදන්වා සති 7ට වැඩි නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් තුළ දී විනාශ කරවාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර බිරිඳක් මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පෙරේදා (16) නියෝග කළා.

එම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉකුත් (10) කරන ලද නියෝගයක් අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසිර සම්පත් නමැති අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ගබ්සාව සිදු කළ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ සැකකාර කාන්තාව පැමිණිලිකරු හා විවාහවීමට පෙර විවාහයක් කරගෙන ඇති බවත් එම විවාහයෙන් ඇයට දරුවෙක් ද සිට ඇති බවත් ය.

එම විවාහයෙන් දික්කසාද වූ බවට අසත්‍ය තොරතුරු ලබාදෙමින් සැකකාර කාන්තාව පැමිණිලිකරු සමග විවාහවී ඇති බවත් ඒ අනුව පෙර විවාහයේ දරුවා ද සමග ඔවුන් නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

එම කාලය අතරතුර සැකකාර කාන්තාව ගැබ් ගෙන ඇති නමුත් පැමිණිලිකාර සැමියා ඒ බවක් නොදැන සිට ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

ගැබ් ගෙන ඇති කාලය තුළ ඇය සිය සැමියා සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගෙන ඇති බවත් පැමිණිලිකාර සැමියාව නිවසින් එළවා දමා සිය නොමේරූ ළදරු කළලය ගබ්සා කර ගැනීමේ අරමුණින් ඇය එම ගැටුම් ඇති කරගෙන ඇති බවට පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් පොලිසිය වෙත දන්වා ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

සැකකාර කාන්තාව පැමිණිලිකාර සැමියාට නොදන්වා සති 7 යි දින 4ක නොමේරූ ළදරු කළලය විනාශ කරගෙන ඇති බවට පැමිණලිකාර සැමියාට කිසිවෙකුගෙන් දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව ද නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විනාශ කර ගැනීම මිනී මැරුම් චෝදනාවලට ගෙනෙන ක්‍රියාවක් බැවින් එම සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව හා එම ළදරු කළලය විනාශ කළ වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිඥවරයා සිය කරුණු දක්වමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.

එම ගබ්සා කර ගැනීම ඉකුත් 12 වැනි දින කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී සිදුව ඇති බවත් සිද්ධියෙන් පසුව පැමිණිලිකාර සැමියා ඔවුන් පදිංචිව සිටි නාරාහේන්පිට නිවසෙන් ඉවත්ව කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ නිවසක ජීවත්ව සිටින බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

දෙමටගොඩ පොලිසිය හා සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ගබ්සාව සිදු කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දෙමටගොඩ පොලිසියට දන්වා නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35