මීටියාගොඩ පියාට සහ දියණියට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අද (16) පස්වරුවේ මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව මීටියාගොඩ පොලිසිය අප කළ විමසීමක දී සඳහන් කළා.

සැකකරුවන් සමඟ ගිනි අවියක්ද පොලිස් භාරය ගෙන තිබෙනවා.

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් පිරිසක් ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමක දී දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ පියා (49) සහ දියණිය (29) බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනාට සැකකරුවන් තියුණු ආයුධයකින් ද පහර දී ඇති බවයි අනාවරණය වුණේ.

මෙහිදී බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය අරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14