බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන සේවාවන් පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.
ඒ, අනුව පෝෂණ ව්‍යාපෘති, පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩසටහන්, කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය, ඩිජිටල්කරණය සහ පශු සම්පත් සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් ලබාදීමටයි බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එකඟතාව පළ කර ඇත්තේ.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (13) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කර තිබෙනවා.
නව රජයේ ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමට මෙහිදී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කැමැත්ත පළ කර ඇති බව සඳහන්.














This is truly amazing. It’s good to have such faith towards the leader of this country.