දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී ඊයේ (11) රාත්‍රියේ දී සිදු වූ මාරක අනතුරකින් එකම පවුලේ දියණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු අතර එම දරුවන්ගේ දෙමාපියන් ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ බරපතළ තුවාල ලැබූ මව හා පියාගේ තත්ත්වය ද අවදානම්සහගත බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 100 කිලෝමීටර් කණුව ස්ථානයේ දී කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදු වුණා.
අනතුරින් කාර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවුරුදු 10 හා 12 වයස්වල පසුවන අක්කා සහ නැගණිය යන දෙදෙනා ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ මාතර – නූපේ පදිංචි ව සිටි මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උබේසිංහ ආරච්චිගේ සදීෂා (12) සහ එම විද්‍යාලයේම 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි උබේසිංහ ආරච්චිගේ සෙනුදි (10) නමැති දැරියන් දෙදෙනෙක්.
වැඩිමහල් දියණියගේ අසනීපයකට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන එන අතරතුර දී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.
මියගිය දැරියන්ගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව උදානී රාජපක්ෂ මහත්මිය මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරියක්.
ඇය ඊට පෙර රාහුල විද්‍යාලයේ ද සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෘත දේහයන් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය මගින් සිදු කරනවා.














RIP ! Angel’s
Seat belt dala hitiyanam lamai denna berenawa! Passa paththe no damage! Moda ammala thaththala nisa lamayi th amaruwe!
1. වාහනවල සැමටම seat belt අනිවාර්ය කල යුතුය.
2. ලංකාවේ අධිවේගී මාර්ගවල ප්‍රමිතිය අනෙක් රටවල වලට වඩා අඩුය. විදේශිය Road safety specialists කැඳවා පරීක්ෂණ සිදුකර ලංකාවේ අනුමත වේගය වන 100 km/h අනිවාර්යෙන්ම අඩුකල යුතුය .
# සියලුම දෙනා ආසන පටි පලඳන්නේ නම 90km/h
# අනෙක් වාහන සඳහා පරිස 80 km/h
2. කිලෝමීටර් 20න් 20ට වාහන සඳහා rest area ඉදිකිරීම මඟහැරීම සහ නිදිමත හෝ වාහනයේ දෝශයක් නම් ලංගම exit එකෙන් පිටත්වී නිදා විවේක ගැනීමේ සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම සපුරා නොතිබීම අපරාධයක්. දැන්වත් සෑම exit/entrance එකක් අසල අක්කර 1/2 තවත් ඉඩමක් වෙන්කර රෙස්ටුරන්ට් සහ කාර්මික පහසුකම සහිත ප්‍රදේශ ඉදිකල යුතුය.