කෝටි 13 ඉක්ම වූ හෙරොයින් හා අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (වීඩියෝ)

රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අද (11) දහවල් පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කහතුඩුව – පොල්ගස්ඕවිට ප්‍රදේශයේදියි.

සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 800ක් ද සොයාගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ප්‍රධාන ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු නෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක් වන පිලාන කංකානම්ගේ ක්‍රිශාන් සංජුල හෙවත් “සංජු” නමැති
අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

වැඩිදුරටත් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන කාංචනා නම් කාන්තාවකට අයත් බව හෙළි ව තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසකින් හමුව ඇති බවත් එම නිවස ඩුබායි හි සැඟව සිටින කාංචනා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණිය විසින් කලක සිට කුලී පදනම මත ලබාගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්දුව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51