කෝටි 13 ඉක්ම වූ හෙරොයින් හා අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (වීඩියෝ)

රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අද (11) දහවල් පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කහතුඩුව – පොල්ගස්ඕවිට ප්‍රදේශයේදියි.

සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 800ක් ද සොයාගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ප්‍රධාන ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු නෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක් වන පිලාන කංකානම්ගේ ක්‍රිශාන් සංජුල හෙවත් “සංජු” නමැති
අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

වැඩිදුරටත් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන කාංචනා නම් කාන්තාවකට අයත් බව හෙළි ව තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසකින් හමුව ඇති බවත් එම නිවස ඩුබායි හි සැඟව සිටින කාංචනා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණිය විසින් කලක සිට කුලී පදනම මත ලබාගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්දුව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?