Empty Ad
Empty Ad
AFC Banner

දික්වැල්ලට අද සිට යළිත් ක්‍රිකට් වසන්තය ඇරඹෙයි

තහනම් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා ඔප්පු වීම මත ක්‍රිකට් තහනමකට ලක් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නෙකු මෙන් ම පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ලට ලබා දුන් දඬුවම ලිහිල් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ තීරණය ඊයේ (10) දිනයේ දී නිල වශයෙන් ගනු ලැබ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියක දී දික්වැල්ල ‘කොකේන්’ නමැති මත්ද්‍රව්‍ය භාවිත කරමින් ක්‍රීඩා කර ඇති බවටයි ඔහුගේ වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූයේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිරෝෂන් දික්වැල්ලට වසර 03ක සෑම අතින්ම ක්‍රිකට්වලට පිවිසීම තහනම් කරනු ලැබුවා.

එම තහනම මාස 03ක් දක්වා අඩු කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබෙන බව සඳහන්.

2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ අම්මෝ ඒ අක්කාගේ කටේ සද්දේ - ආණ්ඩුව සුනේ සුන් කරලම දායි
Video thumbnail
දැන් තියෙන්නෙ ඉකොනොමික්ස් නෙමෙයි, AKD නොමික්ස්
17:12
Video thumbnail
SJB - UNP එකතුවෙමු නැත්නම් විසඳුමක් නෑ - සමන් රත්නප්‍රිය ඇඬු කඳුලින් අද කිව්ව කතාව
16:54
Video thumbnail
අපේ රිලව් චීනේට යවන්න, ජනපතිතුමා ගිහින් කතා කරන්න
05:05
Video thumbnail
රට පුරා මී උණ අවදානම්, මේ ලක්ෂණ තියෙනවා නම් රෝහලට යන්න
14:24
Video thumbnail
කොටුව උණුසුම් වෙයි - " යුක්තියේ ගමනට මාර්ගය අහුරන්න ලෑස්ති වෙන්න එපා පොලිස් මහත්තයෝ "
04:44
Video thumbnail
මේ ආණ්ඩුව රිලවුන්ගෙන් ගොඩයන්න හදන්නේ
04:18
Video thumbnail
වටේ ගිහින් ගිහින් හෙම්බත් වෙලාද? - යන්න සතොසට - හාල් තියෙයි
03:14
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:41:26
Video thumbnail
වාද්දූව හද සලිත කළ ගින්න - මේ වේදනාව කොහොම දරාගන්න ද?
03:37

?