බංගලීන්ට එරෙහිව කල් වේලා ඇතිව ම එක්දින තරගාවලි ජයක් ලැබූ කොදෙව්වෝ

තරග 03කින් සමන්විත සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන එක්දින තරගාවලිය කල්වේලා ඇතිව ම ජය ගැනීමට කොදෙව්වන් ඊයේ (10) සමත් වුණා.

තරගය පැවැත්වුණේ කැරිබියන් දූපත් සමූහයට අයත් Saint Kitts and Nevis නගරයේ පිහිටි Basseterre ක්‍රීඩාංගණයේ දියි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමු ව පිතිකරණය සඳහා බංග්ලාදේශයට ඇරයුම් කළා.

ඔවුන් පන්දුවාර 50 අවසන් වීමට පෙර ලකුණු 227කට සියල්ලන් ම දැවී ගිය අතර බංග්ලාදේශයේ වැඩිම ලකුණුලාභියා වූයේ මහ්මුදුල්ලාහ්.

ඔහු ලකුණු 62ක් සහ ටන්සීඩ් හසාන් ලකුණු 46ක් ලබාගත් අතර ලකුණු 45ක් Tanzim Hasan Sakib ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 04ක්, ගුඩකෙෂ් මොටී කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් Marquino Mindley, Romario Shepherd, Justin Greaves සහ Roston Chase අතර බෙදී ගියා.

තරගය ජයග්‍රහණයට ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය කඩුලු 07කින් ජය ගත්තේ ලකුණු 230ක් ලබා ගනිමින්.

බ්‍රැන්ඩන් කින්ග් ලකුණු 82ක්, එවින් ලෙවිස් ලකුණු 49ක් සහ කීසි කාටි ලකුණු 45ක් ලබා ගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු බිඳ දැමුවේ නහිඩ් රනා, රිෂාඩ් හුසේන් සහ අසිෆ් හුසේන් විසින්.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04ක් බිඳ දැමූ ජෙයිඩ්න් සීල්ස් දිනා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43