CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා විශේෂ ආරක්ෂාවක් යටතේ සිපිරිගෙට

රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශික ව පැමිණිලිකරුට ලබාදීමේ චෝදනාවට එරෙහිව අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට රත්නපුර මහේස්ත්‍රාත් සමන් ඩී.කේ බරනලියනගේ මහතා අද (10) නියෝග කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ (09) අත්අඩංගුවට ගෙන අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

2023 වසරේ අගෝස්තු 02 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බවට පැමිණිල්ලක් කර තිබු බව එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වූයේ.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විවෘත අධිකරණයේ දී සඳහන් කළේ; නිසි විමර්ශනයකින් තොරව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මැණික් ව්‍යාපරයක් සඳහා යොදවන ලද රුපියල් කෝටි 14ක මුදලක් ආපසු නොදී වංචා කිරීම ගැන නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ප්‍රථමයෙන් ම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබු බවත් එහි විමර්ශන අනුව බී19536/23 යටතේ නුගේගොඩ අධිකරණය වෙත කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කර තිබු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එම පාර්ශ්ව දෙක දීර්ඝ කාලයක් මැණික් ව්‍යාපාරයේ යෙදී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන අතරතුර දි කුරුවිට මැණික් ව්‍යාපාරිකයා සැඟවී ඇති බවට නුගේගොඩ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබූ බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.

පසුව ඔවුන් දෙදෙනා එකඟතාවකට ද පැමිණ ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිසියාකාරව පරීක්ෂණ සිදු නොකර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි සැකකරුගේ නීතිඥවරුන් පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ; සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වු බවයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ල අනුව නිසිලෙස විමර්ශන කටයුතු සිදු කර ඇතැයි එම නිලධාරින් අධිකරණයට පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21