මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලටත් ඇණයක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාදන් අර්චුනාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනු වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති විසින් අදාළ පැමිණිල්ල සිදු කරන ලද බවයි.

යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුල් වී එහි රාජකාරි වැඩ කටයුතු අඩාල කිරීම සම්බන්ධයෙනුයි මන්ත්‍රී අර්චුනාට චෝදනා එල්ල වී ඇත්තේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව යාපනය පොලිසිය පැවසුවා.

  1. කොටි ඩයස්පෝරාවට අවශ්‍යය විදිහට වැඩ කරන කෙනෙක්… පාර්ලිමේන්තු ගිය පලමු දවසේම එයා දෙමළ ඊලමේ සිට කියා කිව්වා……. කෝ නීතිමය පියවර …?