දකුණු අප්‍රිකාවට පැරදුණත් ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉදිරියට

2023 2025 ටෙස්ට් ලෝක කුසලානයට යන ගමනේ ප්‍රසාද ලකුණු සටහන උඩු යටිකුරු කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ ලෝක ටෙස්ට් කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණෙමින්.

එම වර්ධනය දකුණු අප්‍රිකාව අද හිමිකරගත්තේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ලකුණු 109කින් ජය ගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරග දෙකම තරග 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගත්තා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර ඉන් 06ක් ම ජයගෙන සිටිනවා.

ඔස්ට්‍රෙලියාව තරග 14ක් ක්‍රීඩා කර ජයගෙන ඇත්තේ තරග 09ක් පමණයි.

ඉන්දියාව තරග 16ක් ක්‍රීඩා කරමින් ඉන් ජයග්‍රහණ 09ක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.

ඒ තරග 11කට ක්‍රීඩා කරමින් ඉන් තරග 05ක් පමණක් ජයගෙන තිබීම නිසාවෙන්.

ශ්‍රී ලංකා සෙසු තරග 06ම පරාජයට පත් ව තිබෙනවා.

කෙසේවෙතත් මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ලැයිස්තුවේ හිමිව තිබුණේ 05 වැනි ස්ථානයයි.

එහෙත් එංගලන්තය හමුවේ නවසීලන්තය මේ දිනවල පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 2-0ක් ලෙස පරාජයට පත්වීම නිසා.

එංගලන්තය ටෙස්ට් තරග 21ක් ක්‍රීඩා කර ජයග්‍රහණ 11ක් ලබා ඇති අතර නවසීලන්තය තරග 13ක් ක්‍රීඩා කර ඉන් තරග 06ක් පමණක් ජයග්‍රහණය කර තිබෙනවා.

එබැවින් ශ්‍රී ලංකාවට තවදුරටත් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් නව වසරේ දී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ජය ගැනීම අනිවාර්‍යය වනවා.

Tets
    • අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියානුවන් පරදවා සිංහ පුතුන් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබනවා 🙏❤🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32