ළිඳක ගිලී 18 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

කළුතර, පනාපිටිය, කෙත්සිරි මාවත ප්‍රදේශයේ පිහිටි ළිඳක ගිලී අද (08) පස්වරුවේ තරුණයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක තරුණයෙක්.

මෙම තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමඟ යතුරුපැදිය සේදීමට පනාපිටිය, කෙත්සිරි මාවත ප්‍රදේශයේ පිහිටි ළිඳකට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී වතුර ගැනීමට භාවිත කළ බාල්දිය ළිඳට වැටී ඇති අතර, එය ගැනීමට ගිය තරුණයා මෙලෙස ළිඳේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගීවීමට ඊයේ (07) මහියංගනයේ සිට කළුතර, පනාපිටිය ප්‍රදේශයට පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මොහු තම මිතුරන් දෙදෙනෙකු ද සමඟ හෙට (09) දිනයේ දී සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමට සූදානම්ව සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14