යොවුන් ආසියානු කුසලානයේ ජය බංග්ලාදේශයට

ඉන්දීය කණ්ඩායම පරාජය කර මෙවර වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත්වුණා.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙම ශුරතාව දිනාගත්තේ ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 59කින් පරාජය කරමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ ලකුණු 198කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

අනතුරුව පන්දු 300ක් තුළ ලකුණු 199 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් එල්ල වුණා.

ඒ, අනුව බංග්ලාදේශ පන්දු යවන්නන්, ඉන්දීය පිතිකරුවන් සියලු දෙනා පන්දුවාර 35යි පන්දු 02ක් තුළ ලකුණු 139කට සීමා කරමින් අවසන් මහා තරගය ලකුණු 59කින් ජයගත්තා.

ඒ, අනුව බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දෙවැනි වරටත් මෙම ශූරතාවයට හිමිකම් කියන්නට අද (08) සමත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22