දකුණු අප්‍රිකානු වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකා පළමු ඉනිම 328න් නවතී

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ගැබා හිදී පවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 328කට සීමා වුණා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ල දැවී රැස්කළ ලකුණු 358ට පිළිතුරු වශයෙන්.

තරගය තුන්වන දිනට අද (07) ආරම්භ කරන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 03ක් දැවී ලකුණු 242ක් ලබාගෙන ප්‍රබල තැනක පසු වුණා.

කෙසේ වෙතත් තවත් ලකුණු 86ක් තුළ ශ්‍රී ලංකා අවසන් කඩුලු 07 දවාගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නනට හැකියාව ලැබුණා.

මෙහිදී ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය කැපී පෙනුනු අතර, ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 30ක් මේ වනවිට ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 89ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 48ක් රැස් කළා.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 බැඟින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඩේන් පැටර්සන් කඩුලු 05ක් බිඳ දැමූ අතර, මාර්කෝ ජැන්සන් සහ කාගිසෝ රබාඩා කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47