දකුණු අප්‍රිකානු වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකා පළමු ඉනිම 328න් නවතී

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ගැබා හිදී පවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 328කට සීමා වුණා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ල දැවී රැස්කළ ලකුණු 358ට පිළිතුරු වශයෙන්.

තරගය තුන්වන දිනට අද (07) ආරම්භ කරන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 03ක් දැවී ලකුණු 242ක් ලබාගෙන ප්‍රබල තැනක පසු වුණා.

කෙසේ වෙතත් තවත් ලකුණු 86ක් තුළ ශ්‍රී ලංකා අවසන් කඩුලු 07 දවාගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නනට හැකියාව ලැබුණා.

මෙහිදී ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය කැපී පෙනුනු අතර, ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 30ක් මේ වනවිට ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 89ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 48ක් රැස් කළා.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 බැඟින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඩේන් පැටර්සන් කඩුලු 05ක් බිඳ දැමූ අතර, මාර්කෝ ජැන්සන් සහ කාගිසෝ රබාඩා කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?