අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඩිජිටල් ආර්ථික‍යෙන් බලාපොරොත්තු වනවා – ජනපති (ඡායාරූප)

ඩිජිටල් ආර්ථිකය මගින් ඉදිරි වසර 05 ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, අද (05) පස්වරුවේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ දී එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් අමතමන්.

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලු ම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර ඒ සඳහා සහභාගී වන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.

ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩිකර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බව ද ජනාධිපතිවරයා පැවසුවා.

දිළිඳුබව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මීට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යාංශයක් පැවතුණු බව සිහිපත් කළ අතර මේ වන විට සෑම අමාත්‍යාංශයකින්ම සිදු කරන්නේ ද ඉදිකිරීම් පමණක් බව ද පැවසුවා.

පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා සිදු කර නොමැති බවත් සිදු කර තිබෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සාකච්ඡා පමණක් බවත් ජනාධිපතිවරයා අනාවරණය කළා.

කම්කරු අමාත්‍යාංශයට විශාල ගොඩනැගිලි දෙකක් තිබෙන නමුත් තවමත් ජනතාවගේ පෝලිම්වල අඩුවක් දක්නට නොලැබෙන බවත් ඒ සඳහා විසඳුම් ලබාදීමට නම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණය ඉදිරි වසර පහ තුළ ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කෙරුණා.

ඉංජිනේරු එරංග වීරරත්න මහතා ද මෙම අවස්ථාවේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීම සිදු කෙරුණු අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ICTA ආයතනයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් මීට එක්ව සිටියා.

ICTA 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?