කොවිඩ් වැළඳී මිය ගිය මවගේ දේහය ළඟ දින දෙකක් නිරාහාරව සිටි කුඩා දරුවා

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගිය මවගේ දේහය අසල දින දෙකක් නිරාහාරව සිටි මාස 18ක කුඩා දරුවකු පිළිබඳ ශෝචනීය පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ඉන්දියාව පුරා මේ දිනවල පවතින දැඩි කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අදාල දරුවාට උදව් කිරීමට අසල්වැසියන් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු විසින් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය නිවසේ දොරගුලු කඩා නිවසට ඇතුළු වී තිබෙනවා.

එහිදී ඔවුන් දැක ඇත්තේ මියගිය මවගේ දේහය අසල සිටින කුඩා දරුවෙකුයි.

පසුව  හෙළි වී ඇත්තේ මෙම බිලිඳා දින දෙකකට අධික කාලයක් නිරාහාරව සිට ඇති බවයි.

මේ අතර ඊයේ (30) දිනය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ්  ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව ප්‍රථම වරට හාර ලක්ෂය ඉක්මවා ගියා.

 මේ අනුව ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් 402110 වාර්තා වූනා.  එමෙන්ම ඊයේ දිනය තුළ දී ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව දැක්වුණේ 3521 ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51