AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළඳී මිය ගිය මවගේ දේහය ළඟ දින දෙකක් නිරාහාරව සිටි කුඩා දරුවා

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගිය මවගේ දේහය අසල දින දෙකක් නිරාහාරව සිටි මාස 18ක කුඩා දරුවකු පිළිබඳ ශෝචනීය පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ඉන්දියාව පුරා මේ දිනවල පවතින දැඩි කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අදාල දරුවාට උදව් කිරීමට අසල්වැසියන් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු විසින් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය නිවසේ දොරගුලු කඩා නිවසට ඇතුළු වී තිබෙනවා.

එහිදී ඔවුන් දැක ඇත්තේ මියගිය මවගේ දේහය අසල සිටින කුඩා දරුවෙකුයි.

පසුව  හෙළි වී ඇත්තේ මෙම බිලිඳා දින දෙකකට අධික කාලයක් නිරාහාරව සිට ඇති බවයි.

මේ අතර ඊයේ (30) දිනය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ්  ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව ප්‍රථම වරට හාර ලක්ෂය ඉක්මවා ගියා.

 මේ අනුව ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් 402110 වාර්තා වූනා.  එමෙන්ම ඊයේ දිනය තුළ දී ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව දැක්වුණේ 3521 ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?