77 වන නිදහස් දින උත්සවය සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

2025 පෙබරවාරි 04 වනදාට යෙදෙන 77 වන නිදහස් දින උත්සවය සංවිධානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍යවරුන් 15 දෙනෙක් මෙම අනු කමිටුවට ඇතුළත්.

අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.