ආණ්ඩු ඉහළ දැමූ සහන පැකේජය මෙන්න (වීඩියෝ)

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභය ලබන පුද්ගලයින්ට එම සහනය 2025 මාර්තු මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

සංක්‍රාන්ති සහන ලබන ලක්ෂ 04ක් වූ ප්‍රතිලාභීන්ට මෙම වසරේ දෙසැම්බර් 31 වනදා අවසන්වීමට තිබූ එම සහනය මෙලෙස දීර්ඝ කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම දුප්පත් කාණ්ඩය යටතේ තවත් ලක්ෂ 08කට ලබාදුන් රුපියල් 8,500ක අස්වැසුම සහනය රුපියල් දසදහසක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊට අමතව අන්ත දිළිඳු කාණ්ඩය ලක්ෂ 04ක පිරිසකට ලබාදුන් රුපියල් 15,000ක දීමනාව රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ සඳහන් කර සිටියා.

මාසික වැඩිහිටි දීමනාව, මාසික වකුගඩු රෝගී දීමනාව සහ ආබාධිත පුද්ගලයින්ට ලබාදෙන මාසික දීමනාව ද පවතින ප්‍රමාණයට වඩා ඉහළ දැමීමට අයවැය යෝජනාවක් ගෙන එන බව ද අද (03) පාර්ලිමේන්තුවේ අනාවරණය වුණා.

එමෙන්ම අස්වැසුම හිමි පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් පාසල් පොත් මිල දී ගැනීමට රුපියල් 6,000ක දීමනාවක් ලබන වසරේ සිට ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඊට අමතරව දෙමව්පියන් අහිමි දරුවන්, මව හෝ පියා අහිමි දරුවන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති දරුවන් සඳහා ද ලබන වසරේ සිට පාසල් පොත් මිල දී ගැනීමට රුපියල් 6,000ක දීමනාව ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10