අඹුසැමි යුවළක් ගිය යතුරුපැදියක කැබ් රථයක් ගැටේ – බිරිඳ ජීවිතක්ෂයට

හලාවත – ආණමඩුව මාර්ගයේ පල්ලම, අඩම්මන ප්‍රදේශයේ දී කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 32 හැවිරිදි තවත් පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (02) රාත්‍රී 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මිය ගොස් ඇත්තේ මාදම්පේ, තනියවල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 30ක කාන්තාවක්.

අනතුරට ලක් වූ කැබ් රථය හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වෙමින් තිබිය දී ඉදිරියෙන් පැමිණි අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇති අතර, කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී යතුරුපැදිය පදවා ඇත්තේ කාන්තාව විසින් බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ රියදුරු පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර,ඔහු අටබාගේ, පිටගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?