චෙන්නායි සුපර් කිංග්ස් නමට ගුවන් යානයක් (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තේමාවෙන් යුත් වර්ණ ගැන් වූ ගුවන් යානයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා.

නව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරයට මාස කිහිපයක් ඉතිරිව තිබිය දී ‘එතිහාඩ්’ ගුවන් සමාගමේ ගුවන් යනයෙක් මෙලෙස චෙන්නායි සුපර් කිංග්ස් තේමාවෙන් යුක්තව වර්ණ ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

චෙන්නායි කණ්ඩායමේ නිල වර්ණයන් වන දීප්තිමත් කහ සහ නිල් වර්ණවලින් ගුවන් යානය පින්තාරු කර ඇති ආකාරය දැකගත හැකි අතර, එම කණ්ඩායමේ නිල ලාංඡනය ද එහි පින්තාරු කර තිබෙනවා.

චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන එතිහාඩ් ගුවන් සමාගම, එයාර්බස් A320neo වර්ගයේ ගුවන් යානයක් මෙලෙස චෙන්නායි තේමාවෙන් වර්ණ ගන්වා ඇත්තේ චෙන්නායි කණ්ඩායම සහ අයි.පී.එල් තරගාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්.

මෙම වෙනස්ම අත්දැකීමට චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රේක්ෂකයින් ඉහළ ප්‍රතිචාර දක්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම විශේෂ ගුවන් යානය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ගමන් බිමන් වෙනුවෙන් යෙදවීමට තවමත් තීරණය කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20