උත්සව සමයේ එළියට දාන්න තිබූ කල් ඉකුත් වූ භාණ්ඩ තොගයක් අල්ලයි (වීඩියෝ)

එළඹෙන උත්සව සමය තුළ වෙළදපොළට නිකුත්කිරීමට සූදානම්කරමින් තිබූ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කරන ලද ආනයනික කඩල, සහල් සහ කල් ඉකුත් වූ රටඉදි ගබඩාකර තිබූ ගබඩා කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

මෙම වැටලීමේ දී ඉකුත් වූ රසායන ද්‍රව්‍ය‍ය ලීටර් 50ක් ද එම නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩා පරීක්ෂා කිරීමේ දී මෙම භාණ්ඩ තිගය සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව පෙරේදා (29) දිනයේ වත්තල ප්‍රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළදුන් පවත්වාගන යනු ලබන ගබඩා පරීක්ෂාවේ දී කල් ඉකුත් නොවූ වියළි මිරිස් සමඟ ගබඩාකර තිබු කල් ඉකුත් වූ වියළි මිරිස් ටොන් හතරකට වැඩි ප්‍රමාණයක් ද
විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

කල් ඉකුත් වූ භාණ්ඩ සමඟ කල් ඉකුත් නොවූ භාණ්ඩ ගබඩාකර තැබීම පාරිභෝගික කයුතු පිළිබද අධිකාරිය මගින් නිකුත්කරන ලද ගැසට් නිවේදනයකට අනුව වරදක් වන අතර, එම වෙළදුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි.

කල් ඉකුත් වූ භාණ්ඩ තොරතුරු වෙනස්කරන ලද භාණ්ඩ උත්සව කාලසීමාව තුළ වෙළදපොළට එවීම සදහා කටයුතු කරන වෙළදුන් සහ ගබඩාකරුවන් සොයා තවදුරටත් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම සැපයුම්කරුවන් විසින් භාණ්ඩ ලබාදීමේ දී එවැනි භාණ්ඩ පිලිබදව සැළකිරීමත් වන ලෙසත්, එවැනි තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත ලබාදෙන ලෙසත් සිල්ලර වෙළදුන් සහ ගබඩා අශ්‍රිතව සේවය කරන සේවකයන්ගෙන් එම අධිකාරිය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31