Empty Ad
AFC Banner
Empty Ad

‘ෆෙන්ගල්’ පිළිගන්න තමිල්නාඩුව සීරුවෙන් – දැනටමත් අධික වර්ෂාපතනයක්

ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ චෙන්නායි, තිරුවල්ලූර්, කන්චීපුරම්, කල්කුරිච්චි, කූඩලෝර් දිස්ත්‍රික්ක සහ පුදුචේරි යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පතිතවන බව එරට කාලගුණ අංශ පවසනවා.

මේ අතර මෙම සුළි කුණාටුව අද (30) සවස්වන විට තමිල්නාඩු – පුදුවේරි වෙරළට ළඟා වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළ රාත්‍රී 7.00 දක්වා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව චෙන්නායි ගුවන් තොටුපළට පැමිණීමේ සහ පිටවීමේ සියලුම ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවතා දමා තිබෙනවා.

කාලගුණය යහපත් වූ පසු එම ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කරන බවයි ඉන්දීය ගුවන් සමාගම් ගුවන් මගීන්ට දැනුම් දී ඇත්තේ.

ඊට අමතරව දේශීය දුම්රිය ගමන් වාර ගණන ද අඩු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව චන්ද්‍රිකා නිරීක්ෂණ සමඟින් චෙන්නායි සහ ශ්‍රීහරිකොට් හි ඩොප්ලර් කාලගුණ රේඩාර් භාවිත කරමින් සුළි කුණාටුව සමීපව නිරීක්ෂණය කරමින් පවතින බව එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මේ අතර තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පවසා ඇත්තේ ඉදිරි දින දෙක තුන තුළ අඛණ්ඩ වර්ෂාව පවතින බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමිල්නාඩු රජය නිරන්තරයෙන් නිරීක්‍ෂණය කරමින් ආරක්‍ෂක පියවර ගනිමින් සිටින බව ද ඔහු පවසා තිබෙනවා.

මේ අතර විපතට පත්වන පුද්ගලයින්ට සහන සැලසීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, ජනතාවට නවාතැන් ගැනීමට සහන කඳවුරු ද පිහිටුවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?